අසිරිමත් කොඩිගහකන්ද... පියවර 02

 අසිරිමත් කොඩිගහකන්ද... පියවර 02

කොඩිගහකන්දේ පාරිසරික වටිනාකම්

අපි පසුගිය කොටසේ දී ඉතාමත් සංක්ෂිප්තව කථා කළේ කොඩිගහකන්දේ ඉතිහාසගත තොරතුරු පිළිබදවයි. දැන් අපි පියවර 02 තුළින් මෙම අගනා පරිසර පද්ධතියේ පාරිසරික වටිනාකම් පිළිබදව සළකා බළමු .

පසුගිය කොටසේ දී අපි කොඩිගහකන්දේ ජලවහන රටාව පිළිබදව යම් සටහනක් තැබූවා. එහි දී අප සදහන් කළා මෙම කදුවැටියෙන් ඇරඹි ප්‍රධාන දොළපාරවල් 5 ක් දිශාවන් 5 කට ගලා යන බව.  පහළ ප්‍රදේශවලට ජලය සපයන ජල පෝෂකය හා ජල ගබඩාව කොඩිගහකන්දයි. මීට දශක 5 කට පමණ පෙර මෙම සියළුම දොළ පාරවල් වසරේ දවස් 365 හොදින් ගලා ගිය සශ්‍රීක දොළ පාරවල් වූවත් අද වන විට තත්වය අතිශයින්ම ශෝචනීයයි. 

සොබා සුන්දරත්වය


කොඩිගහකන්ද අතිශයින්ම සුන්දර කදුවැටියක්. මෙහි කදුමුදුනට පිවිසෙන නිරීක්ෂකයෙකුට දැක ගත හැක්කේ අයස්කාන්ත දසුනකි.  බටහිරින් මීගමුව ප්‍රදේශයේ සිට බේරුවල දක්වා මුහුදු තීරයත් නැගෙනහිරින් මධ්‍යම කදුකරය දක්වා දිවෙන කදු පංතියක් දැකිය හැකිය. කොළඹ නගරයේ උස් ගොඩනැගිලි, ඔරුවල වානේ සංස්ථාව වැනි බොහෝ ස්ථාන මෙම කදුමුදුනට දිස්වේ. දැන් වනාන්තරයේ ශාක ඉහළට වැඩී ඇති හෙයින් මිහිතල මිතුරෝ මගින් නිරීක්ෂණ කුළුනක් ඉදිකරනු ලැබූව ද තවමත් පඩිපෙළක් නිර්මාණයකර ගැනීමට නොහැකි වී ඇත්තේ මූළ්‍ය දුෂ්කරතාවය නිසාය. 

ජෛවවිවිධත්ව වටිනාකම්

කොඩිගහකන්දේ ජෛවවිවිධත්ව පර්යේෂණ 4 ක් සිදුවී ඇත. පළමුවැන්න 1986-87  මහාචාර්ය සරත් කොටගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළම විශ්වවිද්‍යාලයේ '' සංරක්ෂණය සදහා පානගමු/ March For Conservation (MFC) " සංවිධානය මගින් පවත්වන ලදී. දෙවැන්න තරුණ සත්වවේදීන්ගේ සංගමය කාංචනා වීරකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. තෙවැන්න 1995-98 වනජීවීභාරයේ වැඩසටහන් නිළධාරීව සිටි අභවප්‍රාප්ත ශ්‍රී ලාල් නිශාන්ත හෙට්ටිආරච්චි මහතා විසින් පවත්වන ලද අතර එතුමාගේ පර්යේෂණ වාර්තාව '' කොඩිගහකන්ද" නමින් ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය වී ඇත. සිව්වැන්න 2014-15 දී ප්‍රවීන පරිසරවේදීන් වන සජීව චාමිකර හා අජන්ත පළිහවඩන යන මහත්වරුන් විසින් පවත්වන ලදී. 

මෙම සියළුම අධ්‍යයනයන් තුළින් හෙළි වන්නේ මෙම වනාන්තරයේ ඇති පොහොසත් ජෛවවිවිධත්වයයි. පර්යේෂණයන්ට අනුව දැනට හදුනාගත් ජෛවිවිධත්ව තොරතුරු පහත දැක්වේ.

        Animal Group

Species

Endemic Species

Orders

Families

Genera

Birds /පක්ෂීන්

83

(Migrants - 11)

7

13

35

68

Butterflies/සමනළුන්

69

3

1

6

49

Fish/මත්ස්‍යයින්

20

5

5

10

14

Mammals/ ක්ෂිරපායින්

24

4

7

18

22

Reptiles/උරගයින්

31

7

3

12

26

Amphibians/ උභයජීවීන්

8

3

1

5

6

Total

235

29

30

86

185


ශාක විශේෂ  150 + 








 අසිරිමත් කොඩිගහකන්ද... පියවර 03 න් හමුවෙමු


Comments

Popular posts from this blog

Who Are Earth Friends of Sri Lanka & Meaning of Green Earth

අසිරිමත් කොඩිගහකන්ද ... පියවර 03