Posts

Showing posts from November, 2024

අසිරිමත් කොඩිගහකන්ද ... පියවර 03

Image
 අසිරිමත් කොඩිගහකන්ද ... පියවර 03 කොඩිගහකන්දේ වර්තමානය කොඩිගහකන්ද තිරසර ලෙස සංරක්ෂණය කරනු වස් 1994.09.19 වන දින මිහිතල මිතුරෝ ආරම්භවිය. එතැන් සිට අඛණ්ඩව වසර 30 ක ගමනකින් පසු වර්තමානයේ කොඩිගහකන්දේ තත්වය කෙබදුද?  කොඩිගහකන්ද ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ තවමත් එකම ප්‍රජා සංරක්ෂිත අභයභූමියයි.  එය දෙස් විදෙස් පරිසර ලෝලීන්ගේ සංචාරක ගමනාන්තයක්. පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු පරිසර ගවේශකයින්ගේ පර්යේෂණාගාරයක්. එය සොබාදහමේ විස්මිත නිමැවුමක්. කුඩා භූමි භාගයක කොළඹ නගරයට ආසන්නයෙන් පිහිටි විශ්වාස කළ නොහැකි තරමේ ජෛවවිවිධත්වයෙන් පොහොසත් වනාන්තර පරිසර පද්ධතියක්. ඇත්තෙන්ම මෙය පුංචි සිංහරාජයක්. කොඩිගහකන්දේ මොනවද තියෙන්නෙ, මෙහි මොනවද කෙරෙන්නෙ? කොඩිගහකන්ද ජෛවවිවිධත්ව මධ්‍යස්ථානයෙන් සිදු කෙරෙන සේවාවන් රාශියක් තියෙනව. ඒ් අතුරින ප්‍රධාන එකක් තමයි කොඩිගහකන්ද අභයභූමියේ සිදු කෙරෙන සංචරණය. අපි අද ඒ් ගැන මුළින්ම කථා කරමු. ඔබ  කොඩිගහකන්දට සංචරණය සදහා පැමිණෙන්නේනම් ඔබට ආරම්භයේ සිට අවසානය දක්වාම ස්වභාවික වනාන්තරයක අත්දැකීම විදගන්න පුළුවන්. මෙම අභයභූමිය ඇතුලෙ පාරවල් හදල නෑ. තියෙන්නෙ ස්වභාවික මංපෙතක් ( Nature T...

අසිරිමත් කොඩිගහකන්ද... පියවර 02

Image
 අසිරිමත් කොඩිගහකන්ද... පියවර 02 කොඩිගහකන්දේ පාරිසරික වටිනාකම් අපි පසුගිය කොටසේ දී ඉතාමත් සංක්ෂිප්තව කථා කළේ කොඩිගහකන්දේ ඉතිහාසගත තොරතුරු පිළිබදවයි. දැන් අපි පියවර 02 තුළින් මෙම අගනා පරිසර පද්ධතියේ පාරිසරික වටිනාකම් පිළිබදව සළකා බළමු . පසුගිය කොටසේ දී අපි කොඩිගහකන්දේ ජලවහන රටාව පිළිබදව යම් සටහනක් තැබූවා. එහි දී අප සදහන් කළා මෙම කදුවැටියෙන් ඇරඹි ප්‍රධාන දොළපාරවල් 5 ක් දිශාවන් 5 කට ගලා යන බව.  පහළ ප්‍රදේශවලට ජලය සපයන ජල පෝෂකය හා ජල ගබඩාව කොඩිගහකන්දයි. මීට දශක 5 කට පමණ පෙර මෙම සියළුම දොළ පාරවල් වසරේ දවස් 365 හොදින් ගලා ගිය සශ්‍රීක දොළ පාරවල් වූවත් අද වන විට තත්වය අතිශයින්ම ශෝචනීයයි.  සොබා සුන්දරත්වය කොඩිගහකන්ද අතිශයින්ම සුන්දර කදුවැටියක්. මෙහි කදුමුදුනට පිවිසෙන නිරීක්ෂකයෙකුට දැක ගත හැක්කේ අයස්කාන්ත දසුනකි.  බටහිරින් මීගමුව ප්‍රදේශයේ සිට බේරුවල දක්වා මුහුදු තීරයත් නැගෙනහිරින් මධ්‍යම කදුකරය දක්වා දිවෙන කදු පංතියක් දැකිය හැකිය. කොළඹ නගරයේ උස් ගොඩනැගිලි, ඔරුවල වානේ සංස්ථාව වැනි බොහෝ ස්ථාන මෙම කදුමුදුනට දිස්වේ. දැන් වනාන්තරයේ ශාක ඉහළට වැඩී ඇති හෙයින් මිහිතල මිතුරෝ මගින් නිරී...

අසිරිමත් කොඩිගහකන්ද ... 1 පියවර

Image
 අසිරිමත් කොඩිගහකන්ද ...1 පියවර කොඩිගහකන්ද කියන්නෙ සොබාදහමේ විස්මිත නිමැවුමක් මේ ඒ් ගැනයි... ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ තවමත් එකම ප්‍රජා සංරක්ෂිත අභයභූමිය කොඩිගහකන්ද ප්‍රජා සංරක්ෂිත අභයභූමියයි. කොළඹ - කළුතර දිස්ත්‍රික් බෙදුම් රේඛාව ආසන්නයේ පිහිටි කොඩිගහකන්ද පරිපාලනමය වශයෙන් අයත්වන්නේ කළුතර දිස්ත්‍රික්කයේ, හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඔළබොඩුව උතුර ග්‍රාම නිලධාරී වසමටයි.  ඉංග්‍රීසි පාලන සමයේ ශ්‍රී ලංකාවේ මැණුම් කටයුතු හා සිතියම් සකස් කිරීමේ දී කොඩිගහකන්ද කදු මුදුන ත්‍රිකෝණමිතික ස්ථානයක් ලෙස භාවිතාකර තිබෙනවා.  මෙම ඡායාරූපයෙන් දිස්වන්නේ එම ත්‍රිකෝණමිතික ස්ථානයයි මෙහි මධ්‍යයේ වූ කුහරයේ ඈතට දිස්වනසේ කොඩියක් සිටුවා තිබුන හෙයින් කොඩියක් සහිත කන්ද කොඩිගහකන්ද ලෙස භාවිතයට පැමිණ ඇත. ප්‍රදීපාගාර නොතිබුන යුගයේ මෙම කොඩිය ඉන්යන් සාගරයේ යාත්‍රාකරණ නැව්වලට කොළඹ වරාය සොයා ගැනීමට මග පෙන්වූ බව පැරැන්නන් විසින් පවසනු ලබයි. ඉතිහාසගත පසුබිම කොඩිගහකන්ද අයත් අක්කර 1000 ක භූමිය 19 වන සියවසේ මැදභාගයේ දී චාල්ස් හෙන්රි ද සොයිසා මහතා විසින් පළමුව කෝපිවගාව ද එය අසාර්ථක වීමෙන් පසු පොල්වගාවද අරඹා ඇත. අක්කර...